මුස්ලිම්වරුන්ව බිල්ලට දීමක් - ඉස්ලාවාදියෙකුගේ කුමන්ත්‍රණයක් ගෙලිවේ

 

ඉස්ලාම්වාදීන් තම රහස් සැලසුම් සාක්ෂාත් කර ගැනීම සඳහා මුස්ලිම් ප්‍රජාව ක්‍රමානුකූලව බිල්ලට දෙන ආකාරය ගැන සවිස්තරාත්මක ලිපියක් ලියා ( http://www.allahvin.com/2021/11/Muslim.html ) දින දෙකකට පසු මෙම කරුණ හෙළිදරව් කිරීමට සිදුවේ.

වාමාංශිකයන්ගේ සහ ප්‍රගතිශීලීන්ගේ සහය ලබා ගත්, තමන්ව ප්‍රගතිශීලියෙකු ලෙස පෙන්නුම් කරන ඉස්ලාම්වාදියෙකුගේ ස්ත්‍රී විරෝධී සහ LGBTQIA+ පාර්ශවයට එරෙහි ප්‍රකාශ මත පදනම්ව මා දින කිහිපයකට පෙර ඔහුගේ ස්වයං ප්‍රතිරූපය ප්‍රසිද්ධියට පත් කර තිබුණි.

1. https://www.facebook.com/rishvin/posts/10227464960432827
2.
https://www.facebook.com/rishvin/posts/10227470298886285


වාමාංශිකයන් සහ ප්‍රගතිශීලීන්ගෙන් ඔහුට සිදුවූ පසුබෑම් නිවැරදි කිරීමට නොවටිනා දෙයක් වාර්තා කිරීමෙන් ඔහු උත්සාහ කරන්නේ තමන් ත්‍රස්තවාදයට විරුද්ධ කෙනෙක් බවට මවා පෙන්වීමට උස්තාසාහ කර ඇත. ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාමි කඳවුරේ ෂරියා නීතිය හදාරා ඔහු සැබෑ අන්තවාදී විරෝධියෙකු වූයේ නම් ජමාතේ ඉස්ලාමි සංවිධානයේ අන්තවාදී ක්‍රියාකාරකම්, ඉගැන්වීම් සහ සැලසුම් පිළිබඳ කරුණු හෙළිදරව් කිරීමට ඔහුට හැකි වනු ඇත. ඔහු කවදාවත් එහෙම කළේ නැහැ.


අදාළ නොවන සුළු කරුණක් ගෙන ලිපියක් ලියා ඇති අතර,  "ඉස්ලාම් ත්‍රස්තවාදය" ලෙස මුලදී භාවිතා කළද, ඔහු විනාඩි 15 කින් පසු සටහන සංස්කරණය කර "මුස්ලිම් ත්‍රස්තවාදය" ලෙස වෙනස් කළේ එම වාක්‍ය ඛණ්ඩය ඔහුගේ ඉස්ලාමීවාදී න්‍යාය පත්‍රයට නොගැලපෙන බැවිනි. බාෂා පරිවර්තකයෙකු වන ඔහු මෙම වෙනස සිදු කළ ඇත්තේ ඉතා සැලසුම් සහගතවය.

https://www.facebook.com/ramzy.razeek.5/posts/5065119460184751

 

ඉස්ලාමීය ත්‍රස්තවාදය සම්බන්ධ වන්නේ ඉස්ලාම්වාදීන් සහ ජිහාඩ්වාදීන් සමඟ පමණක් බවත් එය වෙනස් කර මුස්ලිම්වරුන් ත්‍රස්තවාදීන් ලෙස පෙන්වා මුස්ලිම්වරුන් මත ත්‍රස්තවාදය පැටවීමට ඔහුගේ සටහන වෙනස් කර ඇත. ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාමි සංවිධානයේ හිටපු නායක හජ්ජුල් අක්බර් ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ "ඉස්ලාමීය රාජ්‍ය ගැන ශ්‍රී ලංකාවේ සියලුම මුස්ලිම්වරුන් කතා කරනු ඇත" යනුවෙන් ප්‍රකාශ කිරීම ද මෙයට සමාන ක්‍රියාවකි. 


ඉස්ලාම්වාදීන් ඔවුන්ගේ ඉලක්කයෙන් ඉතා පැහැදිලි සහ අවධානයෙන් සිටිති. එය සාක්‍ෂාත් කර ගැනීම සඳහා මුස්ලිම් ප්‍රජාව ඇතුළු ඕනෑම අයෙකු සහ ඕනෑම දෙයක් බිලි දීමට ඔවුන් සූදානම්‍ය.  එබැවින් මුස්ලිම්වරුන්, වාමාංශිකයන්, ප්‍රගතිශීලී චින්තකයින් සහ අනෙකුත් මහජනතාව ඉස්ලාම්වාදීන් සහ ජිහාඩ්වාදීන්ගෙන් ප්‍රවේශම් විය යුතුය. ඉස්ලාම්වාදීන්ගේ උගුල් වලට නොවැටී පරිස්සම් වන්න. 

Warning : The Islamist may try to play the victim card to divert the subject.


-රිෂ්වින් ඉස්මත්
  11.11.2021