ජමයතුල් උලමා ලොක්කොන්ට සීතල කාමර ඇතුලෙත් දාඩිය දාන්න හේතුව කුමක්ද?

 


2021.07.07 බදාදා දිනයේදී ඉස්ලාමිය සංවිදාන 24 ක නියෝජිතයන් 50 කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් ජමයතුල් උලමා සභාව විසින් සංවිධානය කල රහස් සාකච්ඡාවක හඩපට හෙළි උනා යැයි දැනගත් ජමයතුල් උලමා සංවිධානය ආතතියට හා කලබලයට පත්වී "හටපට හෙලිකරපු එක්කනා අල්ලාහ් දෙවියන්ට බාරයි" යනුවෙන් සාප කර නිවේදනයක් නිකුත් කර ඇත.


ජමයතුල් උලමා (ACJU) සභාවේ නායකයෝ හා ඉස්ලාමිය සංවිදානවල නියෝජිතයෝ මේ රටේ නීතියට පටහැනි කිසිවක් සාකච්ඡා නොකළේ නම් සහ ඔවුන් කිසිදු කුමන්ත්‍රණකාරී වැඩපිළිවලට මැදිහත් නොවෙන්නේ නම්, ජමයතුල් උලමා සභාව ආතතියට හා කලබලයට පත් විය යුත්තේ ඇයි?


රටේ නීතිය හා පාලකයෝ ගොනාට අන්දන්නෙ කොහොමද කියලා සැලසුම් සාකච්චා කලේ නැත්තම්, රජයේ හා ජනාධිපති කොමිසමේ නියෝගවලට අනුව කුරානය පරිවර්තනය නොකර කාලය කන්නේ කොහොමද, කියලා කපටි විදිහට, කුමන්ත්‍රණකාරී විදිහට සාකච්ඡා නොකළේ නම්, පාස්කු ප්‍රහාරය සම්බන්ධව අත්අඩංගුවට පත්වෙලා ඉන්න අයව පුනුරුත්තාපනය මුවාවෙන් එලියට ගන්න හමුදා නිලදාරින්ව සූක්ෂමව බාවිතා කරන්නේ කොහොමද කියලා සලස්සුම් නොකළේ නම් ආතතියට හා කලබලයට පත්වෙලා නිවේදනයක් නිකුත් කරන්න හේතුවක් නැනේ? හඬපට හෙළි උනා කියල බයවෙන්න හේතුවක් නැනේ? හඬපට හෙළි කරපු එක්කනාට සාප කරලා නිවේදනයක් නිකුත් කරන්න හේතුවක් නැනේ? 


සඟවන්න දෙයක් නැත්නම්, වැඩපිලිවල පිරිසුදු නම් හඬපට පිටට ගියා කියලා කලබල වෙන්නවත්, දඟලන්නවත්, සාප කරන්නවත් හේතුවක් නැනේ? එහෙනං ජමයතුල් උලමා සඟවන්න හදන්නේ මොකද්ද කියන ඒක ලොකු ප්‍රශ්නයක් වෙලා තියන්නේ. මේ පිළිබඳව රටේ බුද්ධි අංශ අවධානයෙන් සිටිය යුතුය.

වැඩි විස්තර සඳහා : 

http://www.colombotoday.com/acju-452354/

https://acju.lk/news-ta/acju-news-ta/item/2286-zoom-meeting-issue



-රිෂ්වින් ඉස්මත් 
  15.09.2021