උලමා සභාවේ වටලප්පන් කුමන්ත්‍රණය

 


මීට ඉහතදී පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්දයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව තුළ සාක්ෂි විමසීම් ජංගම දුරකථනයක් රැගෙන ගොස් රහසිගතව පටිගත කරමින් සිටියදී උලමා සභාවේ නියෝජ්‍ය ලේකම් මුර්ෂිඩ් මුලාෆර් හුමයිඩි මව්ලවිතුමා ආරක්ෂක අංශ භාරයට පත්විය.ඉන් මාස තුනකට පමණ පසු උලමා සභාවේ වත්මන් නායක රිස්වි මුෆ්ටි මව්ලවිතුමා කොමිසමට වටලප්පන් රැගෙන ගොස් අවමානයට ලක් විය. මේ හැරුණු විට කොරෝනා වෛරසය හේතුවෙන් මරණයට පත් වෙන මුස්ලිම් අයවලුන්ගේ ආදාහනයෙන් පසු ඉතිරිවන අළු බාරගැනීමට එකඟවීම, හලාල් සහතික කරණය වාණිජකරණය කිරීම සහ මුස්ලිම් අවුරුද්ද තීරණය කිරීමේදී අවුල් සහගත වන ලෙස හැසිරීම වැනි සිදුවීම් පිළිබඳව දැඩි විවෙච්චන රිස්වි මුෆ්ති මව්ලවිතුමාට විරුද්ධව මුස්ලිම් සමාජයතුළ තිබනවා. 


මේ සියල්ලෙන්ම ප්‍රයෝජන ගනිමින් ජමාතේ ඉස්ලාමි මූලිකත්වයන් යුත් යූසුෆ් අල් කර්ළාවීගේ අනුගාමිකයින් උලමා සභාවේ නායකත්වයෙන් රිස්වි මුෆ්තිව ඉවත් කර එම තනතුර අත්පත් කර ගැනීමට කුමන්ත්‍රණයක යෙදී සිටින බව දැනගැනීමට ලැබී තිබේ. රිස්වි මුෆ්ති මව්ලවිතුමාට විරුද්දව මුස්ලිම් සමාජය තුල මතයක් ගොඩ නගමින් වාසියක් අත්පත් කර ගැනීමේ සැලසුම් සහිත වැඩසටහනේ එක් අංශයක් ලෙස ‘වීඩ්වෙල්ලි’ පුවත්පතේ 2020 දෙසැම්බර් 18 පලවී තිබෙන කාර්ටූනය සැලකිය හැකියි.


රිස්වි මුෆ්ති මව්ලතුමාට එරහිව එල්ලවෙලා තිබෙන සැලසුම් සහගත ප්‍රචාරයට නිසිලෙස මුහුණ දීමට ඔහු නියෝජනය කරන තබ්ලීක් ජමාත් අසමත් වී ඇත. තබ්ලීක් ජමාත් ප්‍රතිගාමී කල්ලියක් වුවද, එම කල්ලිය ජමාතේ ඉස්ලාමි මෙන් සන්නද්ධ අරගලයක් ගැන, කිලාෆත් ගැන, ජිහාඩ් ගැන, ලංකාවේ ඉස්ලාම් රාජ්‍යක් පිහිටුවීම ගැන කතා කරන සංවිදනයක් හෝ ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය පාලනය ඇතිකිරීමට දිගුකාලීන සැලැස්මක් සහිතව කටයුතුකරන සංවිධානයක් හෝ ශ්‍රී ලාංකික මුස්ලිම් තරුණයින් ඇෆ්ගනිස්ථානය, පාකිස්තානය සහ කාශ්මීරයට ජිහාඩ් සඳහා යවන ලද සන්විදානයක්වත් නොවේ. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට යූසුෆ් අල්-කර්ළාවී අවසර දී ඇති අතර එය ලංකාව මුස්ලිම් ප්‍රජාව තුල ස්ථාපනය කරන ලද්දේ ජමාත්තේ ඉස්ලාමි මතධාරීන් විසින්ය. ශ්‍රී ලංකාවේ බලය සන්නද අරගලයකින් අල්ලා ගැනීමේ සැලසුම් පිළිබඳව ජනාධිපති කොමිසම ඉදිරියේ දී එම සංවිදානයේ හිටපු නායකයාගෙන් මා ප්‍රශ්න කර තිබුණි, එදිනම මට ජමාත්තේ ඉස්ලාමි විසින් තර්ජනය ද කළේය.


රිස්වි මුෆ්ටි හෝ උලෙමා කවුන්සිලය විවේචනය කිරීම සහ කාර්ටූන් ඇදීමේ කිසිදු වරදක් නොමැත, නමුත් එය භාවිතා කිරීමෙන් ලාභය අපේක්ෂා කරන ජමාත්තේ ඉස්ලාමි ඇතුළු යූසුෆ් අල් කර්ළාවි සිහිකරන කණ්ඩායම ඉතා භයානක පිරිසකි. මතුපිට පෙනෙන විදිහට ඔවුන් ඉතා ආචාරශීලී, උගත් හා ඉවසිලිවන්ත අය ලෙස පෙනේ, නමුත් ඔවුන් වඩාත්ම භයානක සැලසුම් සමඟ ක්‍රියා කරන අයවේ. ඔවුන්ගේ ක්‍රියාකාරකම් ශ්‍රී ලාංකික අහිංසක මුස්ලිම්වරුන්ගේ අනාගත පැවැත්මට පමණක් නොව, ශ්‍රී ලංකාවේ ආරක්ෂාවට ද විශාල තර්ජනයක් වී ඇත. ඊට කුඩා උදාහරණයක් වන්නේ පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහරයවේ.