ජමාත්තේ ඉස්ලාමි අන්තවාදී සංවිධානයේ හිටපු නායක හජ්ජුල් අක්බර් අත් අඩංගුවට පත්වේ



ජමාත්තේ ඉස්ලාමි අන්තවාදී සංවිධානයේ හිටපු නායක හජ්ජුල් අක්බර් අත් අඩංගුවට පත්වේ. ලංකාවට ප්‍රථමවරට ඉස්ලාමිය ත්‍රස්තවාදය හදුන්වා දුන්නේ ජමාත්තේ ඉස්ලාමි සංවිධානය විසින්ය. 80 දශකයේ සිට ජිහාත් පුහුණුව සඳහා ඇෆ්ගනිස්තාන්, පාකිස්තාන් වැනි රටවල්වලට තරුණ සාමාජිකයන් යවපු සංවිධානය තමයි ජමාත්තේ ඉස්ලාමි සංවිධානයයි.
ජමාත්තේ ඉස්ලාමි සංවිධානයට අයිති මාදම්පේ ඉස්ලාහියා මදරසා එකේ ප්‍රථම විදුහල්පති වන A.G.M නතීර් මව්ලවි, පාකිස්තාන් රටට ජිහාත් පුහුණුව සඳහා තමා ගිය බව ළඟදී බැලුම්ගල වැඩසටහනට පවසා සිටියාය. https://www.youtube.com/watch?v=L2h5TRUS0qg .


ජමාත්තේ ඉස්ලාමි සංවිධානයේ අවසාන ඉලක්කය වන්නේ ලංකාවේ ඉස්ලාම් රාජ්‍යක් පිහිටුවීම බව එම සංවිධානයේ පුහුණු කඳවුර වල හා දේශනාවල පවසා ඇත. 1996 වසරේදී මම සහභාගීවූ නේවාසික පුහුණු කඳවුරක හජ්ජුල් අක්පර් විසින්ම එම කරුණු අපහට උගන්වනු ලැබීය, තවද රටේ නීතියට යටත්වෙලා ජීවත් වීම අල්ලාහ් දෙවියන්ට විරුද්ධව කරන ලොකුම පවක් ලෙසත් අපහට උගන්වනු ලැබීය.


ජමාත්තේ ඉස්ලාමි සංවිධානයේ සාමාජික තරුණයන් සෑහෙන පිරිසක් මෑත කාලයේදී තුර්කි රටට ගිය අතර, සාහිඩ් අබ්දුල්ලාහ් හක් ද, එලෙස  සිරියාවට ගිහින් ISIS ත්‍රස්තවාදීන් එක්ක සම්බන්ධ වෙච්ච පුද්ගලයෙක් වෙයි.


ජමාත්තේ ඉස්ලාමි සංවිධානයේ එදා සිට අද දක්වා කාලය ඇතුළත ක්‍රියා පටිපාටිය පිළිබඳව සම්පූර්ණ පුළුල් පරීක්ෂණයක් පැවැත්වීම ආරක්ෂක අංශවල වගකීමයි. -

රිශ්වින් ඉස්මත්
26.08.2019